මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතයි.
ඒ, අනුව සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් අද දිනයේ දී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි තොරතුරු වාර්තා වෙයි.
අගෝස්තු මාසයේ දී ද ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවූ අතර, අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය ජුනි මස 30 වන දිනයි.