දැනට පවත්නා ඉන්ධන හිඟය මත මේ වන විට වාහන ධාවනයේ යම් අඩුවක් දක්නට ලැබෙන අතර ඉදිරි සතිය තුළ රථ වාහන ධාවනය තවදුරටත් සීමා විය හැකි බවත් නාගරිකව සහ ප්‍රධාන මාර්ග වල වාහන සංඛ්‍යාවේ අඩුවක් සේම තදබදය ද අඩු විය හැකි බවත් පැවසෙයි. දැනට වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බැවින් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේදී විවිධ සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ද සඳහන් කරයි.මේ අතර දැනටමත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක්‍රමයක් අනුගමනය කරන අතර ඒ සඳහා වන දැන්වීම් ද ඉන්ධන පිරවුම්හල වල ප්‍රදර්ශණය කර ඇත.නමුත් මෙය පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කෙරෙන ක්‍රියාවක් බව ද බොහෝ පාර්ශවයන් පෙන්වා දී ඇති අතර ඉන්ධන පිරවුම් අසල ඇති වන කලහකාරී තත්වයන් මැඬලීම පිණිස පොලීසිය යෙදවීමට ද සිදු ව තිබේ.