ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිර දඬුවමක් පනවා තිබේ.ඒ ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවම නියම කිරීමෙන් දිනකට පසුවයි.2022 වසරේ දී ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, දූෂණ චෝදනාවකට වරදකරු වී දැනටමත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටී.ඒ අතරේ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධ චෝදනාවට ඉම්රාන් ඛාන් හට (ජනවාරි මස 30 වෙනිදා) 10 වසරක සිර දඬුවමක් ද නියම කෙරුණි.අද (31) ඔහුට තවත් වසර 14 ක කාලයක් සිර දඬුවම් නියම කෙරුණේ ටොෂකානා චෝදනාව සම්බන්ධයෙන් වූ නඩු විභාගයෙන් අනතුරුවයි.තමන්ට එරෙහිව පවරා ඇති බොහෝ නඩු දේශපාලනික පලි ගැනීම් සඳහා ගොනු කරන ලද ඒවා බව ඉම්රාන් ඛාන් පෙර සිටම පවසා තිබේ.

කාලීන පුවත්