ඉරාන ජනපති ගමන්ගත් යානය කඩා වැටීමට හේතුව බර වැඩිකමලු

පසුගිය දා අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව යානයට ප්‍රහාරයක් එල්ල වූ වීමක් හෝ වෙනත් බාහිර හේතුවක් නොවන බවත් අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකිවීම බවත් එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කරයි.යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයන් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය වී තිබේ.පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

කාලීන පුවත්