ඉරාන ජනපති ගේ හෙලිකොප්ටර් අනතුරට හේතුව අධික මීදුම ද මිසයිල ප්‍රහාරයක් ද?

පසුගිය ඉරිදා අසර්බයිජානයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සහභාගී වී නැවත සිය රට බලා පැමිණෙමින් සිටි ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමිරාබ්දොල්ලාහියාන් ඇතුළු පිරිසක් ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට බඳුන් වීමේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් විය. මිය යන විට ඉරාන ජනපතිවරයා 63 වියෙහි පසු විය.

අයහපත් කාලගුණය නිසා ඇති වූ අධික මීදුම් තත්ත්වය නිසා හෙලිකොප්ටර් යානය කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබාන්නට ගත් උත්සාහයේ දී මෙම අනතුර සිදු වූයේ යැයි පැවසේ. ඉරානයේ වයඹදිගට වන්නට, අසර්බයිජානයට යාබද වනාන්තර ප්‍රදේශයක මේ අනතුර සිදුව තිබේ. මේ හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටර් තුනක් පැමිණි අතර අනෙක් දෙක නිරුපද්‍රිතව ආරක්ෂිත ප්‍රදේශයකට ගොඩබාන්නට සමත් වී තිබේ. මේ අනතුරු සිදුවූ බවට තොරතුරු ලද සැනින් ඩ්‍රෝන යානාවන් ද සමග කණ්ඩායම් 40 ක් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබිණි. අනතුරු සිදු වෙමින් පැවති අවස්ථාවේ දී එහි සිටි කවුරුන් හෝ දුරකතන ඇමතුමක් ලබා දී තිබුණු නමුත් එය කඩා වැටුණු ස්ථානය කරා ළඟා වන්නට මුදා ගැනීමේ කණ්ඩායම්වලට පැය දහයක් පමණ ගත වී තිබේ. ඉරානයේ නිල පුවත් සේවය වන IRNA ට අනුව මුදා ගැනීමේ පවසන්නේ කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානය කරා ළඟා වන්නට හැකියාව ලැබී ඇත්තේ හෙලිකොප්ටරයෙන් සහ ජංගම දුරකතනයකින් ලැබුණු සංඥා නිසා බව පවසයි. කෙසේ නමුත් තුර්කි ප්‍රවාහන ඇමති අබ්දුල්කදීර් උරලොග්ලු පවසන්නේ මේ හෙලිකොප්ටරයෙන් කිසිදු සංඥාවක් නිකුත් නොවූ බව හෝ එහි සංඥා පද්ධතිය ක්‍රියා විරහිත කොට තබා තිබුණු බවත් ය.

1988 වසරේ දී ඉරාන රජයට එරෙහිව ඇති වූ කැරළිවලට සහභාගී වූ දහස් ගණනක් පිරිසක් කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව ඝාතනය කරන්නට මුල් තැන ගෙන ක්‍රියා කළේ මේ මියගිය ජනාධිපතිවරයාය. මෙසේ ඝාතනයට ලක් වූ පිරිස කෙතරම් ද යන්න පිළිබඳ නිශ්චිත වාර්තාවක් සොයා ගන්නට නැතත් එවකට සිටි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා රුඩොල්ලා මුසාවි කොමෙයිනිගේ දෙවැනියා ලෙස ක්‍රියා කළ හුසෙන් -අලි මොන්ටසේරි පවසන්නේ ඔහුගේ මතකයේ හැටියට එසේ ඝාතනය කරන ලද ප්‍රමාණය 2,800 – 3,800 ක් පමණ විය හැකි බවය. කෙසේ නමුත් විකල්ප ගණනය කිරීම්වලට අනුව මේ පිරිස් 30,000 ද ඉක්මවා යන බව පැවසේ. මේ සියලු දෙනා දොඹකරවල එල්ලා මරා දමා ඇති බව පැවසේ.

වර්තමාන ඉරාන උත්තරීතර නායක

21 වැනි අඟහරුවාදා ඉරාන ජනපතිවරයාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සියලු වැඩකටයුතු සූදානම් කොට තිබිණි. ඉරාන ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයකු මරණයට පත් වූ වහාම උප ජනපතිවරයා තාවකාලිකව වැඩ බලන ජනපති තනතුරට පත් කෙරෙන අතර දින 50 ක් ඇතුළත ජනපතිවරණයක් පැවැත්විය යුතුය. මේ අනුව එහි උත්තරීතර නායකයා විසින් උප ජනපති මොහොමඩ් මොක්බර් වැඩබලන ජනපති තනතුරට පත් කරනු ලැබ තිබේ.

ඉබ්‍රාහිම් රයිසොලසදාති හෙවත් ඉබ්‍රාහිම් රයිසි නමින් ප්‍රකට මිය ගිය ජනපතිවරයා 1960 වසරේ උපන්නෙකි. පස් හැවිරිදි වියෙහි දී ඔහුගේ පියා මරණයට පත් වන අතර ඔහු සිය මූලික අධ්‍යාපනයෙන් පසුව ආගමික පාසලකට ඇතුළු වී ආගමික අධ්‍යාපනයක් ලබා ගත් අතර ඔහුට පුද්ගලික නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක හිමි බවට ඉරාන ආරංචි මාර්ග පැවසුව ද එහි සත්‍යභාවය පිළිබඳ ගැටලු පවතින ඉරාන නොවන පුවත්වලින් පැවසේ. 1988 වසරේ දී ඉරාන රජයට එරෙහිව ඇති වූ කැරළිවලට සහභාගී වූ දහස් ගණනක් පිරිසක් කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව ඝාතනය කරන්නට මුල් තැන ගෙන ක්‍රියා කළේ මේ මියගිය ජනාධිපතිවරයාය. මෙසේ ඝාතනයට ලක් වූ පිරිස කෙතරම් ද යන්න පිළිබඳ නිශ්චිත වාර්තාවක් සොයා ගන්නට නැතත් එවකට සිටි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා රුඩොල්ලා මුසාවි කොමෙයිනිගේ දෙවැනියා ලෙස ක්‍රියා කළ හුසෙන් -අලි මොන්ටසේරි පවසන්නේ ඔහුගේ මතකයේ හැටියට එසේ ඝාතනය කරන ලද ප්‍රමාණය 2,800 – 3,800 ක් පමණ විය හැකි බවය. කෙසේ නමුත් විකල්ප ගණනය කිරීම්වලට අනුව මේ පිරිස් 30,000 ද ඉක්මවා යන බව පැවසේ. මේ සියලු දෙනා දොඹකරවල එල්ලා මරා දමා ඇති බව පැවසේ. ඔවුන් මිහිදන් කළ සමූහ මිනී වලවල් පිළිබඳ මියගිය පුද්ගලයන්ගේ පවුල්වල පිරිස් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට හෙළි කර තිබේ. මේ හේතුව නිසා මිය ඉබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයා විදෙස් සංචාරයන් සඳහා සහභාගී වීමේ දැඩි බියකින් පසු වූ බව ද පැවසේ. එයට හේතු වී ඇත්තේ විශ්වාසදායක නොවන රටකට සංචාරයක් සඳහා සහභාගී වූ අවස්ථාවක දී අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි යන බිය නිසාය. ඉරානයේ වර්තමාන උත්තරීතර නායක සෙයිඩ් අලි හුසේනි ඛමෙයිනිගේ දැඩි අනුගාමිකයකු වන මිය ගිය ජනපතිවරයාගේ බලාපොරොත්තුව වී තිබුණේ ඔහුගේ ඇවෑමෙන් පසු ඉරාන උත්තරීතර නායකයා බවට පත් වන්නට යැයි පැවසේ. ඔහුගේ සාමාන්‍ය හැසිරීම ද රාජ්‍ය නායකයකුට වඩා ආගමික නායකයකුගේ ස්වභාවයක් පෙන්නුම් කළේය. එක්සත් ජාතීන්ගේ සැසිවාරයක් අමතනු ලැබූ අවස්ථාවක දී ඔහු කුරානය සිඹ ආගමික දේශනයක් පවත්වා තිබිණි.

ඉරාන ජනපතිවරයාගේ මරණයට ඇමරිකාව වගකිව යුතු යැයි එහි හිටපු විදේශ කටයුතු ඇමති මොහොමඩ් ජවාඩ් සරිෆ් පවසයි. ඒ අන් කිසිවක් නිසා නොව ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් වෙළෙඳ සම්බාධක පනවා ඇති බැවින් එරට ගුවන් යානාවලට අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීමේ දැඩි දුෂ්කරතාවක් පවතින බැවිනි. ඉරාන ජනපතිවරයා ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරය නිෂ්පාදනය කොට ඇත්තේ 1968 වන අතර ඇමරිකාව විසින් එම වර්ගයේ හෙලිකොප්ටර් නිපදවීම 1998 වසරේ දී නවතා දමා තිබිණි. එතරම් පැරණි හෙලිකොප්ටර් යානයක් අඩුම තරමින් අලුත්වැඩියා කොට යහපත් තත්ත්වයක තබා ගන්නට වෙළෙඳ සම්බාධක නිසා නොහැකි වූයේ යැයි චෝදනා එල්ල කෙරෙමින් පවතී. මේ වෙළෙඳ සම්බාධක නිසා මගී ගුවන් යානා නඩත්තු කිරීමේ ගැටලු ද පවතින අතර වෙළෙඳ සම්බාධක පැනවූ දිනයේ සිට මේ දක්වා ඉරානයේ මගී ගුවන් යානා අනතුරට පත්වීමෙන් 2,000 කට අධික පිරිසක් මරණයට පත්ව ඇතැයි පැවසේ.

මේ මරණය පසුපස ඊශ්‍රායලය සිටින්නේදැයි සුප්‍රකට ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ ලිපියකින් ප්‍රශ්නයක් මතු කර තිබිණි. මෙයට හේතුව මෑතක දී ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය. එයට පළිගනු වස් මෙවැනි ඝාතනයක් සිදු කළේදැයි අසා තිබිණ. එයට ඔවුන්ම පිළිතුරු දෙමින් සඳහන් කොට තිබුණේ ඊශ්‍රායල ඉතිහාසය තුළ වෙනත් රටවල හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළ ද කිසිදා රාජ්‍ය නායකයකු ඝාතනය කිරීම ඊශ්‍රායලයේ ක්‍රමය නොවන බව එහි සඳහන් තිබිණි. ඊශ්‍රායාලය පවසා තිබුණේ එවැනි දේ තමන් සිදු නොකරන බවය.

මේ අතර ඉරාන උත්තරීතර නායකයා චෝදනාවක් එල්ල කරමින් පවසා සිටින්නේ හෙලිකොප්ටරයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සැක කරන බවත් ඒ පිළිබඳ වහාම පරීක්ෂණ ආරම්භ කරන බවත්ය.

මේ මරණය පසුපස ඊශ්‍රායලය සිටින්නේදැයි සුප්‍රකට ඉකොනොමිස්ට් සඟරාවේ පළ වූ ලිපියකින් ප්‍රශ්නයක් මතු කර තිබිණි. මෙයට හේතුව මෑතක දී ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය. එයට පළිගනු වස් මෙවැනි ඝාතනයක් සිදු කළේදැයි අසා තිබිණ. එයට ඔවුන්ම පිළිතුරු දෙමින් සඳහන් කොට තිබුණේ ඊශ්‍රායල ඉතිහාසය තුළ වෙනත් රටවල හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළ ද කිසිදා රාජ්‍ය නායකයකු ඝාතනය කිරීම ඊශ්‍රායලයේ ක්‍රමය නොවන බව එහි සඳහන් තිබිණි. ඊශ්‍රායාලය පවසා තිබුණේ එවැනි දේ තමන් සිදු නොකරන බවය.

මළ සිරුරක් රැගෙන එන අවස්ථාවක්
ගුවන් අනතුර සිදු වූ ස්ථානය‍
ගුවන් අනතුර සිදු වූ ස්ථානය
ගුවන් අනතුර සිදු වූ ස්ථානය
ගුවන් අනතුර සිදු වූ ස්ථානය
ගුවන් අනතුර සිදු වූ ස්ථානය
ගුවන් අනතුර සිදු වූ ස්ථානය
ගුවන් අනතුර සිදු වූ ස්ථානය

 

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර