ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධ­න­යක් මේ වසරේ

මේ වසරේ (2024) ආර­ම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධ­න­යක් වසර අව­සා­නය වන විට සිදු­වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූල­ස්ථා­නයේ ඊයේ දහ­වල් පැවැති විශේෂ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් අධි­ප­ති­ව­රයා මේ බව කීය.

මේ වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට ආර්ථි­කය 4.7% කින් වර්ධ­නය වී ඇතැයි අධි­ප­ති­ව­රයා කීය. මේ වසරේ පළමු කාර්තු­වේදී 5.3%න් වර්ධ­නය වී තිබිණි.

මේ වසර ආර­ම්භ­යේදී මෙරට ආර්ථි­කය 3.0% කින් වර්ධ­නය වනු ඇතැයි ඉලක්ක කො තිබිණි. එය මෙය වන විට සිය­යට හතර ඉක්මවා යෑම පෙන්නුම් කර­නුයේ ඉදි­රියේ දී වඩාත් ධනා­ත්මක වර්ධ­න­යක් අපේක්ෂා කළ හැකි බව යයි ද අධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

වසර 2022 මුල් කාර්තුවේ සිට අඛ­ණ්ඩව කාර්තු හයක් මෙරට ආර්ථි­කය ඍණ අග­ය­කින් වර්ධ­නය විය. එම ඍණා­ත්මක තත්ත්ව­යන්හි පැවැති වර්ධ­නය ධනා­ත්මක වීමට ඇර­ඹියේ වසර 2023 දෙවැනි කාර්තුවේ මුල පටන්ය. මෙලෙස කාර්තු­වෙන් කාර්තුව මෙරට ආර්ථි­කය ධන වර්ධ­න­යක් අත් කර ගැනීම කෙරෙහි බැංකු හා මූල්‍ය පද්ධ­ති­යෙන් ලබා­දෙන සහ­යෝ­ග­යන් ඉහළ යෑම, පොලී අනු­පාත අඩු වීම, උද්ධ­ම­නය පහළ අග­යක් ගැනීම බලපා ඇතැයි ද ඔහු සඳ­හන් කළේය.

ඉදි­රි­යේදී රටේ නිෂ්පා­දන ක්ෂේත්‍රයේ ඇණ­වු­ම්වල වර්ධ­න­යක් පිළි­බිඹු වන දර්ශ­ක­වල වර්ධ­න­යක්, ණය ප්‍රසා­ර­ණයේ වර්ධ­න­යක්, පොලී අනු­පාත සහ උද්ධ­ම­නයේ පහළ යෑමේ දිශා­න­ති­යක් පෙන්නුම් කිරීම අපේක්ෂා කළ හැකි බවද අධි­ප­ති­ව­රයා මෙම මාධ්‍ය හමු­වේදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩ­ලය ගනු ලැබූ තීරණ සමඟ ඉදි­රි­යේදී තව­දු­ර­ටත් ණය පොලී අනු­පාත අඩු වීම, උද්ධ­ම­නය සිය­යට එකට අඩු­වෙන් පැව­තීම, නව ආයෝ­ජන දිනා ගැනී­මට හැකි­වීම ආර්ථි­කය සාධ­නීය ලෙස ඉහළ යනු ඇත.

කාලීන පුවත්