ඉල්ලා අස්වෙන්න ආණ්ඩුවට දින හතක් දෙනවා

ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් තවත් දින 07 කින් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනාධිපතිවරයාට අගමැති වරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් ඊයේ(28)ක්‍රියාත්මක කළ විරෝධතාවයට එක්වූ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා පවසයි. එම වැඩවර්ජන හේතුවෙන් ඊයේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩකටයුතු අඩාල වූ අතර රටේ සියලුම නගර වල ව්‍යාපාරික ප්‍රජාව සහ සාමාන්‍ය ජනතාව එම වර්ජකයන්ට සහාය පළ කරමින් රජයට එරෙහි උද්ඝෝෂණ වල යෙදීම මත ඊයේ දිනය තුළ අති විශාල ජනතාවක් වීදි බැස සිටියහ.මෙවන් තත්වයන් හමුවේ රජය ජනතා ප්‍රශ්න කෙරෙහි සංවේදී නොවී තමන්ගේ බලය රැක ගැනීම සඳහා කටයුතු කිරීම මෙම ජනතා හඬ නැඟීම් වඩාත් උත්සන්න කරවන්නක් බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්