ඉල්ලීම් හතරක් මුල් කොට රාජ්‍ය සේවකයෝ අද “ලෙඩ වෙති”

රාජ්‍ය සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලිම් හතරක් මූලික කර ගනිමින් අද(08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටියි.‘රාජ්‍ය සේවක වැටුප් දහදාහක් ඉහළ දමනු, රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කිරීමේ යෝජනාව හකුලා ගනු, රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස කළ ආණ්ඩුවේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බදින වැට බඳින චක්‍ර ලේඛ අහෝසි කරනු’ යන්න ඒ ඉල්ලීම් හතර ය.
2022 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අණතුරුව රාජ්‍ය සේවක වැටුප් ජිවන බරට සාපෙක්ෂව වැඩි කළ යුතු බවට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එසේ නොකිරීම නිසා පසුගිය 29 දින කෑම පැයේ උද්ඝෝෂණයකට රාජ්‍ය සේවකයින් යොමු වූ මුත් ඒ කිසිදු ඉල්ලීමක් කෙරෙහි රජය නම්‍යශීලී බවක් පළ නොකිරීම මත ලංකාව පුරා සියලු රාජ්‍ය සේවකයින් අද(08) අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක. මහතාගේ අත්සනින් යුතු ලිපියක් ජනපතිවරයාට පසුගිය 30 යොමු කොට ඇත.ඒ සඳහා ද කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නැති බැවින් රට පුරා, සියලුම රාජ්‍ය ආයතන වල, එක්දින නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයට අවතීර්ණය වන බවත් එයට සමගාමීව අද(08) ප.ව. 12.00 ට පාර්ලිමේන්තු වට රවරවුමේදී විරෝධතාවයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසා සිටියි.

කාලීන පුවත්