ඉෂාරා දැන් මාලදිවයිනේ?

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය බේරුවල සිට මුහුදු මාර්ගය ඔස්සේ මාලදිවයන වෙත පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු විසින් ඇය මෙලෙස මාලදිවයින වෙත ගෙන්වා ගෙන ඇතැයි අනුමාන කෙරෙන අතර එම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට පත් ව හිඳින සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැත්තා පොලීසියට කොටු කර දීම ද එම සැලසුමේ ම කොටසක් බවට අනුමාන කෙරේ. ඒ සඳහා සියලුම කටයුතු එතෙර සිටින එම පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙහෙයවා ඇති බවට ද ආරක්ෂක අංශ සැක පළ කරයි.

කාලීන පුවත්