ඉදිරියේ දී පවත්වන කුමන හෝ මැතිවරණයකදී 51%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ අතර ඔහු පෙන්වා දී ඇත්තේ පක්ෂය ප්රචාරක කටයුතුවලදී වෙනත් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට වැඩ කටයුතු නොකරන ලෙසට මන්ත්‍රීවරුන් දැනුවත් කළ යුතු බවයි. ඒ අතර පක්ෂය තුළ තවත් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු නම් ඒ සඳහා ද කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා දන්වා තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බොහෝ දෙනෙක් සහභාගි වී තිබේ..