උග‍්‍ර මන්ද පෝෂණයෙන් පසුවන දරුවන්ට අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක්

උග‍්‍ර මන්ද පෝෂණ තත්වයෙන් පසුවන දරුවන් සඳහා ලෝක ළමා අරමුදලේ ආධාර යටතේ අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.මේ වනවිට මෙරට උග‍්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන ඇති බව ද ඇය පවසයි.ප‍්‍රාදේශීය රෝහල් කරා යොමු කරන වෛද්‍යවරුන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදුකරන පරීක්ෂාවන් මඟින් හඳුනා ගන්නා දරුවන්ට පසු එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්