වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙසයි .
සතුන්ට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට කටයුතු කිරීමෙන් කිරි නිෂ්පාදනය අඩු වීම වළක්වා ගත හැකි බවත් එමගින් සතුන් විජලනය වීම අවම කර ගත හැකි බවද එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.