උත්සව සමයේ රට වහන්නේ නෑ

ඉදිරි උත්සව සමයේ දී රට වසා දැමීමේ සූදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මේ වනවිට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු වන බැවින් එවැනි අවශ්‍යතාවයක් නොමැති බවකි.නමුදු මේ වන විට රට තුළට පිවිස ඇති කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තියත් සමඟ මහජන ඒකරාශීත්වය වර්ධනය වීම මත නැවත කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව පවසන සෞඛ්‍ය අංශ මේ වන විටත් ආරම්භ වී ඇති ශ්‍රී පාද වන්දනා සමයේ විශාල වශයෙන් බැති මතුන් ඒ සඳහා එක් වීම සහ ඉදිරි නත්තල් සමයේ සංචරණ සීමා ලිහිල් වීම ඒ සඳහා හේතු විය හැකි බව ද පෙන්වා දෙයි.එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දැනට භාවිතයට ගැනෙන කොවිඩ් බූස්ටර් මාත්‍රාව කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය අතර පවත්නා සම්බන්ධතාව පිළිබඳ නිශ්චිත තොරතුරු තවම අනාවරණය වී නොමැති බව ය.

කාලීන පුවත්