උත්සව සමය වෙනුවෙන් අද (30) සිට තවත් වැටලීම් ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව එම වැටලීම් 2024 ජනවාරි 15 දක්වා සිදු කෙරෙන බව එම අධිකාරිය පැවසුවේය.
තොග ගබඩා කිරීමෙන් සහ නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීමෙන් වළකින ලෙස වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියි.
නිවාඩු දිනවලදී ද නිලධාරීන්ට රාජකාරි පැවරීමට කටයුතු කරන බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පැවසුවේය.