උතුරු අමෙරිකාවේ හා කැනඩාවේ අධික ශීත දේශගුණය හා හිම කුණාටු හේතුවෙන් කෝටි 25 කට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19 කි. ලක්ෂ 15 කට අධික පිරිසකට විදුලිය නැත. පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ දක්වා ශීත දේශගුණය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරිමට ගුවන් සේවා බලධාරින්ට සිදුවිය. මෙක්සිකෝවේ සිට කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තය දක්වා දරුණු හිම කුණාටු තත්ත්වයක් වාර්තා විය. කිලෝමීටර් 3200 ක් පමණ දුරට එය පැතිර ගොස් තිබිණි. එක්සත් ජනපද කැනඩා දේශසීමාවේ පිහිටි විල්වල ජලය මිදෙන තත්ත්වයට පත්ව තිබේ.බටහිර ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය සීතලෙන් දරුණු ලෙස පීඩාවට පත් වී ඇති අතර උෂ්ණත්වය -50F (-45C) දක්වා පහත වැටී ඇත.