උතුරු ඇෆ්ගනිස්ථානයේ පවත්නා අධික වර්ෂාව නිසා හටගත් හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට ගම්මාන විනාශ වී 315 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම, 1,600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගංවතුර හේතුවෙන් නිවාස දහස් ගණනකට හානි වී ඇති බවත් පශු සම්පත් මෙන්ම, යටිතල පහසුකම් ද විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ අතර තලේබාන් ආර්ථික අමාත්‍ය දින් මොහොමඩ් හනීෆ් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මානුෂීය ආයතනවලින් සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ගංවතුරින් විපතට පත් වූවන් සඳහා සහන ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.