කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුළ පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.එම පළාතේ ගුරුවරුන් සියයක් සහ සිසු දරුවන් දහසක් පමණ කොරෝනා ආසාදිතයන් වී ඇතැයි තොරතුරු ලැබී ඇති බව පවසන ලංකා ගුරු සංගම් සභාපති වරයා රජය පාසල් ආරම්භ කළ ද නිසිසෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට උවමනාවක් නොතිබූ බවත් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා ලබාදී නැති බවත් කීය.