උදය ගම්මන්පිල සතුව ඇතැයි කියන පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තා අද එළියට?

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා තමන් සතුව ඇතැයි කී ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා අද ප්‍රසිද්ධ කිරීමට ඉඩ තිබේ.ඒ එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී තිබූ දින 7ක කාලය අද (21) උදෑසන 10න් අවසන් වන බව උදය ගම්මන්පිල පැවසූ බැවිනි.පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් දින 7ක් ඇතුළත එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු ඉකුත් 14 වැනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කොට ඇත.මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ඉදිරිපත් කර තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහරවා ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (20) ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා තිබේ.

කාලීන පුවත්