උද්ඝෝෂකයන් හා ආරක්ෂක අංශ “කෙටවීමේ”කුමන්ත්‍රණයක්

වර්තමාන රජයට එරෙහිව පීඩිත ජනතාව විසින් දියත් කොට ඇති සාධාරණ  ජන අරගලය ආරක්ෂක අංශ සහ ජනතාව අතර ගැටුමක් බවට පත්කිරීමට රජය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් තිලක් උභයවර්ධන මහතා පවසයි.ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.එහෙත්,මෙම ජන අරගලයට නියාමකත්වය දෙන තරුණ ප්‍රජාව පවසනුයේ රජයේ එම කූටෝපාය පිළිබඳව තමන් කල් තියා දැනුවත්ව හිඳින බැවින් එවැන්නක් නිර්මාණය වීමට ඇති සියලු ඉඩ කඩ අවුරමින් සිටින බව ය.එමෙන්ම මෙය පොලීසිය හෝ ආරක්ෂක හමුදා සමඟ ඇති කර ගන්නා ගැටුමක් ලෙස හුවා දැක්වීම උදෙසා උද්ඝෝෂකයන් අතරට එවන මැර කණ්ඩායම් ලවා පොලිස් හා ආරක්ෂක අංශ වෙතට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුම් සම්බන්ධයෙන් ද තමන් දැනුවත් ව සිටින ඔව්හු කියති. එනිසාම  තම කණ්ඩායම් මේ වන විට පොලීසිය හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන් අතරේ අනොන්‍ය මානුෂීය අවබෝධතා යාන්ත්‍රණයක් ගොඩ නැඟීමට ද  කටයුතු යොදා ඇතැයි ද ඔව්හු කියති.එමෙන්ම ඒ නව මඟ යමින් පසුගිය 08 වන දා පාර්ලිමේන්තුව අද්දර සංවිධානය කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක දී මාර්ග බාධක යොදා ඒවාට රැකවල් යොදා සිටි පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ සහෝදර සහෝදරියන් උදෙසා භාර ගන්නා ලෙස කියමින් රාගම වෛද්‍ය පීඨයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක වන කසුන්සලා ගිම්හානී විසින් රතු රෝස කුසුමක් ප්‍රදානය කිරීම මඟින් මෙරට ශිෂ්‍ය අරගල ව්‍යාපාර නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර කියයි.

කාලීන පුවත්