උද්ඝෝෂණයට පහරදී සිදු කළ ඝාතනයේ වගකීම රනිල් බාර ගත යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.ඊයේ (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක ජාතික දී ජන බලවේගය මේ බව අවධාරණය කර ඇත. එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ විධායක සභික, එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ පාලක ලේකම් ලාල්කාන්ත එක්වී සිටියහ.

කාලීන පුවත්