අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඒ මහතා විසින්ම සැළසුම් කරන ලද බවට ලැබී ඇති තොරතුරු වලට අදාලව සිදුකෙරෙන විමර්ශන සඳහා මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.