උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම් පතක්

උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප‍්‍රදීප් සපුතන්ත‍්‍රි මහතා සඳහන් කරයි.යම් ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලූ‍ම් කළ හැකි අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාපටිපාටියට අනුව ඒ සඳහා කටයුතු සිදු කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා කියයි.මේ සම්බන්ධ වැඩි විස්තර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බව සඳහන් ය.

කාලීන පුවත්