රජයේ පාසල් වල උසස් පෙළ පන්ති සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. ඒ වෙනුවට අලුතින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇත.විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට රජය කටයුතු කළ හොත් රාජ්‍ය සේබයේ සෙසු වෘත්තීන් සඳහා ද විශ්‍රාමිකයන් යළි සේවයට ගැනීම සඳහා දොරටු විවර වන බවට කැබිනට් මණ්ඩලයේ නිගමනය වී තිබේ.