එජාපය හා එක් විය යුතු බවට ගෙනා යෝජනාවෙන් සජබ තුළ මත ගැටුමක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ක්‍රියාමාර්ග මත අද වන විට රට ආර්ථික වශයෙන් යම් යහපත් මට්ටමකට පත් වීම මත සමඟි ජන බලවේගය එක්සත් ජාතිය පක්ෂය හා එකතු විය යුතුයැයි මතු වී ඇති යෝජනාවක් පදනම් කරගෙන සමඟි ජන බලවේගය තුළ අභ්‍යන්තර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය විසින් ගෙනෙන ලද මේ යෝජනාව සලකා බැලිය යුත්තක් බව පක්ෂයේ වැඩි පිරිසගේ මතය වී තිබේ. තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර්මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් කීපදෙනකු පමණක් සමඟි ජන බලවේගය තව දුරටත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතු බව පවසන අතර පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා හට මාධ්‍ය හමුවේ ආවේගාත්මකව බැණ වැදුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවා තලතා අතුකෝරල මහතාගේ යෝජනාවට නම්‍යශීලී බවක් පළ කරන බව පැවසෙයි.නමුත් තමන්ට දූෂිතයන් හා එක් ව යන ගමනක් නැතැයි යන්න අවධාරණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද කියනු ලැබේ.

කාලීන පුවත්