එම්සීසී ගිවිසුම වෙනස් විදිහකට ආයිත් එනවා

ශ්‍රී ලංකාවට බරපතල අනර්ථයක් සිදු කරන එම්සීසී ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් මෙරටට පැමිණෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඒ, ඊයේ (22) පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.”මේ රටේ රාජ්‍ය දේපළ බොහෝ ප්‍රමාණයක් දෙන්න හදනවා; විදේශිකයින්ට. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතවරියක් ඇතුළු කිහිපදෙනෙක් එනවා ලංකාවට.එම්සීසී නැවත වෙනත් ආකාරයකින් පටන් ගන්න. මේක මේ රටේ ප්‍රගතිශීලී දෑ හිතකාමී ජනතාව හදාගත්ත ආණ්ඩුවක්, අද අවලස්සන ඇමරිකානුවෙකු ඇවිත් මේක වෙනම පැත්තකට ඇදගෙන යමින් තියෙනවා. ඒකට ඉඩ දියයුතු නෑ. ඒ ඇමරිකානුවට ඕනෙ තැනට ඇදගෙන යන්න නම් රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න ඕනෙ. හොම්බෙන් යන්න ඕනෙ. ඒ හොම්බෙන් යවන එක තමයි මේ කරන්නෙ නෑ නෑ ප්‍රශ්නයක් නෑ,මේ සතියෙන් පස්සෙ හොඳයි කිය කියා”යනුවෙන් පැවසූ වීරවංශ මහතා,වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.“අද ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂයේ බලකණු පවා තමන්ගෙ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා, මේ තියෙන බල පෙරේත කමට එරෙහිව. ඒ වගේම ඒ ඇමරිකන් හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව. ඉතින් අපි විශ්වාස කරනවා ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ ගන්න.අද රටේ තත්වය ඉතාම කණගාටුදායකයි. මේ රට අද නායකත්වයක් නැති විදිහේ ඉතාම අස්ථාවරත්වයක් කරා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ තත්වය වෙනස් කිරීම සඳහාත් ගත යුතු පියවර අපි සාකච්ඡා කළා.දැන් අපි ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග ගන්නවා”

කාලීන පුවත්