එයා ඇවිල්ල රට හදල දෙනකල් අපි;

එයා ඇවිල්ල රට හදල දෙනකල් අපි පෝස්ට් ෂෙයා කර කර ඉමු.රටක් හදන්න අළුත් නායකයෙක්ම බිහිවෙනකල් බලා ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක.බස් එකට දුම්රියට ගොඩවෙන්න පෝලිමක් හදාගන්න බැරි මිනිස්සු අළුත් නායකයෙක් හොයනව පිළිවෙලට දුම්රියට නගින්න.ට්‍රැෆික් ලයිට් පත්තු වුණු ගමන් ඉස්සරහ එකාට අලි එළවනව වගේ හෝන් ගහන මිනිස්සු අලුත් නායකයෙක් හොයනව විනය හදාගන්න.රජයේ රස්සාවක් කරන අතරෙ පෑන, කොළය පවා ගෙදර අරගෙන එන මිනිස්සු , හොරු නැති රටක් හදන්න. බලාගෙන ඉන්නව.තමන්ගෙ ළඟට සේවයක් ඉල්ලගෙන එන මිනිස්සුන්ව රස්තියාදු කරවන මිනිස්සු හිතාගෙන ඉන්නව කාර්‍යක්ෂම සේවයක් සහිත ලංකාවක් බිහිකරන්න.

ගමේ ඉස්කෝලෙ ඉගෙනගත්ත නිසා නගරෙ පාසලට ගිය එකාට වෛර කරන මිනිස්සු බලාපොරොත්තු වෙනවා පංති භේදය නැතිකරන්න. උපන් රටට සාපකර කර පිටරටකට ගිහින් උණ්ඩියල් ක්‍රමේට ලංකාවට සල්ලි එවලා නීති ගරුක රටක් හදන්න හීන දකිනවා.තමන්ගෙ ළමයින්ව ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරවල, පාරට බැහැල ‘නිදහස් අධ්‍යාපනය සුරකිමු ‘කියලා පිකට් කරනවා.ශිෂ්‍යයන්ගෙ ජීවිතවල තීරණාත්මක විභාග කල් යනකල් ,මාස ගණන් පාරෙ වර්ජනය කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතිකරන නිසි නායකයෙක් එනකල් බලා ඉන්නවා.රෝහලට ඇතුළුවන අසරණ, දුප්පත් මිනිහට අම්ම මෝ නැතුව බනින උන් , නොසැළකිලිමත් ලෙස සේවය කරන උන් , කාර්‍යක්ෂම රෝහල් සේවාවක් හදන්න අලුත් නායකයෙක් එනකල් බලාඉන්නවා.

ඇඟ පේන ඇඳුමක් ඇඳපු ගෑනියෙක්ගෙ රූපවලට අසභ්‍ය වදන් ලියල පෝස්ට් ෂෙයා කරන මිනිස්සු ” කාන්තා අයිතිවාසිකම් ” රකින නායකයෙක් බලාපොරොත්තු වෙනවා.දුක් මහන්සියෙන් කට්ටක් කාගෙන මිනිහෙක් දියුණු වුණොත් ගෙයක් හැදුවොත්, වාහනයක් ගත්තොත් , ඌට හොරා, හොරා කියන මිනිස්සු සමාන ආර්ථිකයක් හදල දෙනකල් බලාගෙන ඉන්නවා.

අල්ලපු වත්තෙන් කෑල්ලක් අල්ලගෙන වැට ගහගත්ත මිනිස්සු , තමාගෙම සහෝදරයාගෙ ඉඩමට ව්‍යාජ ඔප්පු ලේඛන හදාගත්ත මිනිස්සු හැමෝටම සමාන ඉඩම් හිමිකමක් ලැබෙන දවසක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.පාරෙ බැහැල යන කෙල්ලන්ට ෂූ ෂූ ගාන කොල්ලො, ඇඟ පේන ඇඳුමක් ඇඳපු ගෑනියෙක්ගෙ රූපවලට අසභ්‍ය වදන් ලියල පෝස්ට් ෂෙයා කරන මිනිස්සු ” කාන්තා අයිතිවාසිකම් ” රකින නායකයෙක් බලාපොරොත්තු වෙනවා.දුක් මහන්සියෙන් කට්ටක් කාගෙන මිනිහෙක් දියුණු වුණොත් ගෙයක් හැදුවොත්, වාහනයක් ගත්තොත් , ඌට හොරා, හොරා කියන මිනිස්සු සමාන ආර්ථිකයක් හදල දෙනකල් බලාගෙන ඉන්නවා.

තම තමන් තම තමන්ගෙ වගකීම, යුතුකම කුහකකමින් තොරව ඉටුකරනවානං අපේ රටවල් ලස්සන වෙන්නෙ මීට බොහොම කාලෙකට ඉස්සර. තමන්ගෙ ජීවිත අනුන්ට පවරල ඉන්න මිනිස්සු හැමදාම මාරුවෙන් මාරුවට නායකයො වෙනස් කරාවි. හැදෙන මිනිහා කොහොමත් හැදෙනවා.නැති එකා නෑ.

තම තමන් තම තමන්ගෙ වගකීම, යුතුකම කුහකකමින් තොරව ඉටුකරනවානං අපේ රටවල් ලස්සන වෙන්නෙ මීට බොහොම කාලෙකට ඉස්සර. තමන්ගෙ ජීවිත අනුන්ට පවරල ඉන්න මිනිස්සු හැමදාම මාරුවෙන් මාරුවට නායකයො වෙනස් කරාවි. හැදෙන මිනිහා කොහොමත් හැදෙනවා.නැති එකා නෑ.

සජිවිකා වීරතුංග

එතෙර - මෙතෙර