එයාටෙල්-ටෙලිකොම් එකතු වුණොත් දුරකථන ගාස්තු අඩුවක්?

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් ව සිටින ඉන්දියානු බහුජාතික විදුලි සංදේශ සමාගමක් වන භාරතී එයාර්ටෙල් එයාටෙල් සමාගමට ඒ අවස්ථාව ලබා ගත හැකි වුවොත් මෙරට දුරකතන ග්‍රාහකයන්ට යම් මූල්‍ය සහනයක් ද හිමි වනු ඇතැයි.ඉන්දියාවේ භාරතී එයාටෙල් අනුබද්ධ එයාටෙල් ලංකා (පෞද්ගලික) ලිමිටඩ් සමාගමේ නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියානු බහුජාතික විදුලි සංදේශ සමාගමක් වන භාරතී එයාටෙල් යනු බහු ජාතික විදුලි සංදේශ සේවා සමාගමකි. එය දකුණු ආසියාව සහ අප්‍රිකාව පුරා රටවල් 18ක මෙන්ම චැනල් දූපත් වල ද ක්‍රියාත්මක වේ. දැනට එයාටෙල් විසින් ඉන්දියාව පුරා 4G සහ 4G+ සේවා සපයන අතර තෝරාගත් නගරවල 5G සේවාව සපයයි.ඊට අනුබද්ධිත එයාටෙල් ලංකා (පෞද්ගලික) ලිමිටඩ් සමාගමට 2006 දී ශ්‍රී ලංකා රජය ජංගම දුරකථන සේවා බලපත්‍රයක් පිරිනමන ලද අතර 2007 වසරේ මුල් භාගයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් සමාගම 2009 ජනවාරි 12 වන තෙක් සේවා ආරම්භ කළේ නැත.ඒ අතර ශ්‍රී ලංකාවේ සෙසු ජංගම දුරකථන ජාල අතුරින් 2022 දෙසැම්බර් වන විට එයාටෙල් වටා එක් රොක් ව ඇත්තේ මිලියන තුනක පමණ ග්‍රාහක පිරිසක් පමණි.නමුදු ඉදිරියේ දී නව වෙනස සිදු වුව හොත් එයාටෙල්-ටෙලිකොම් ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට පත් වනු ඇත.

කාලීන පුවත්