ඔඩිසි ගැන CID සෝදිසි

දෙස් විදෙස් සංචාරක ආකර්ශණය හිමි කර ගත් ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.ඒ අනුව ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.එක් පෞද්ගලික සමාගමක් විසින් ඇල්ල ඔඩිසි දුම්රියෙන් ගමන් ගන්නා එක් මගියෙකුගෙන් අන්තර්ජාලය ඔස්සේ රුපියල් 36,000කට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදීමට කළ උත්සාහයක් පිළිබඳවත් සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය ආසන වෙන්කරවාගත් මගීන්ගෙන් පිරී තිබියදීත් ප්‍රමාද වී ධාවනය කිරීම ඇතුළු කඩාකප්පල්කාරී ක‍්‍රියා රැසක් වාර්තා වී ඇති බව ප‍්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන්නේද? පිළිබඳ සොයා බලන ලෙස බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කාලීන පුවත්