ඔන්න දැන් අපේ රටට අයිස්ලන්ත සංචාරකයිනුත්!

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත සංචාරකයින් පිරිසක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. පැය 24 ක දීර්ඝ ගුවන් ගමනක නිරත වෙමින් එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි ඔවුහු ශ්‍රී ලංකාව තුළ දින 14 ක් පුරා සංචාරයේ යෙදීමට අපේක්ෂාවෙන් සිටිති. ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයක් සහිත බොහෝ ප්‍රදේශ කරා ගමන් කරන්නට අපේක්ෂාවෙන් සිටින බවත් දැනගන්නට ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර ඓතිහාසික වශයෙන් පැහැදිලි සබඳතා සොයා ගන්නට නැතත් සංස්කෘතිමය වශයෙන් පිරිපුන් රටක් වන අයිස්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ ආකාරයෙන් සබඳතා ගොඩනැගීම ඉතා සාධනීය කාරණයක් බව සඳහන් කළ යුතුය.

අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

අයිස්ලන්තය බොහෝ විට හඳුන්වනු ලබන්නනේ ‘ගිනි හිම බිම’ (Land of Fire and Ice) යනුවෙනි. එය ලෝකයේ පවතින අපූර්ව ආකාරයේ භූමි දර්ශනවලින් සමන්විත දේශයක් වන අතර ලෝකයේ සාමකාමී බවින් වැඩිම රටවල් අතරින් ප්‍රමුඛස්ථානයේ පවතින්නකි. ගිනි කඳු, උණුදිය උල්පත් සහ අවුරෝරා නමින් හඳුන්වනු ලබන ස්වාභාවික සංසිද්ධිය හොඳින් නැරඹිය හැකි රටක් ලෙස ද අයිස්ලන්තය ලොව ප්‍රකටය. එමෙන්ම ප්‍රගතිශීලී සමාජයක්, පිරිපුන් සංස්කෘතික ඉතිහාසයක් සහ සාමය සඳහා වූ අපිරිමිත කැපවීම ද නිසා එරට ලෝකයේ වැදගත් තැනක් දිනාගෙන තිබේ.

අයිස්ලන්තය බොහෝ විට හඳුන්වනු ලබන්නනේ ‘ගිනි හිම බිම’ (Land of Fire and Ice) යනුවෙනි. එය ලෝකයේ පවතින අපූර්ව ආකාරයේ භූමි දර්ශනවලින් සමන්විත දේශයක් වන අතර ලෝකයේ සාමකාමී බවින් වැඩිම රටවල් අතරින් ප්‍රමුඛස්ථානයේ පවතින්නකි. ගිනි කඳු, උණුදිය උල්පත් සහ අවුරෝරා නමින් හඳුන්වනු ලබන ස්වාභාවික සංසිද්ධිය හොඳින් නැරඹිය හැකි රටක් ලෙස ද අයිස්ලන්තය ලොව ප්‍රකටය. එමෙන්ම ප්‍රගතිශීලී සමාජයක්, පිරිපුන් සංස්කෘතික ඉතිහාසයක් සහ සාමය සඳහා වූ අපිරිමිත කැපවීම ද නිසා එරට ලෝකයේ වැදගත් තැනක් දිනාගෙන තිබේ. උතුරු අත්ලාන්තික් ප්‍රදේශයේ හුදෙකලා රටක් ලෙස පැවතිය ද, එය හිමි කරගෙන ඇති ගෝලීය කිර්තිය, ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ අනෙක් රටවල් සමග ඇති සබඳතා ද අගය කළ යුතු වේ.

ශ්‍රී ලංකාවට පැමිණි අයිස්ලන්ත සංචාරක කණ්ඩායම

නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල සිට පැමිණි නෝර්ස් වැසියන් අයිස්ලන්තය තුළ ජනපද පිහිටුවා ගත් 9 වැනි සියවස දක්වා අයිස්ලන්තයේ ඉතිහාසය පැතිර යයි. ඔවුන් මෙහි ජනපද පිහිටුවමින් ඇති කළ සංස්කෘතිය අදටත් මහත් අභිමානයෙන් සැමරෙයි. ක්‍රිස්තු වර්ෂ 930 දී අයිස්ලන්ත වැසියන්, අදටත් පවතින ලොව පැරණිතම පාර්ලිමේන්තු ක්‍රමය ඇති කළේය. ‘ඇල්තිං’ යනුවෙන් හඳුන්වනු ලබන මෙය, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අයිස්ලන්තය කෙතරම් කැපවී සිටින්නේ ද යන්න පෙන්වන කදිම සාධකයකි.

අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

අයිස්ලන්ත සංස්කෘතියේ මහත් චමත්කාර අංගයක් වන්නේ එහි ලිඛිත සංස්කෘතියයි. අයිස්ලන්තයේ මුල් පදිංචිකරුවන්ගේ වීර ක්‍රියා, කල්පිත කතා, යුද්ධ ආදිය ඇතුළත්, ‘අයිස්ලන්ත ආඛ්‍යාන’ (Icelandic sagas) නමින් හඳුන්වනු ලබන මේ ලේඛන ලෝක සාහිත්‍යයේ උසස් අංග ලෙස පිළිගැනේ. ලෝක ප්‍රකට කල්පිත රූපවාහිනි කතා මාලාවක් වූ ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්’ සඳහා පාදක වූ පොත් මාළාව නිර්මාණය කිරීම සඳහා ඒවායේ කතුවර ජෝර්ජ් ආර්. ආර්. මාටින් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ලද්දේ අයිස්ලන්ත වටපිටාව, ඒ දේශගුණය, ඓතිහාසික කතා, ඓතිහාසික යුද්ධ ආදිය බව ඔහු පවසා තිබේ. මේ පොත් මාළාව A Song of Ice and Fire නමින් හඳුන්වාදීම තුළම අයිස්ලන්තයේ බලපෑම මොනවට පැහැදිලි වේ.

අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

අයිස්ලන්තයේ ස්වාභාවික පරිසරය ද එහි සංස්කෘතිය කෙරෙහි බෙහෙවින් බලපෑම් කර තිබේ. එරට ඇත්තේ 370,000 ක් තරම් ඉතා අඩු ජනගහනයකි. එහි අගනුවර වූ රෙයික්ජාවික්වලට පිටතින් පවතින සියලු ප්‍රදේශ ඉතා ග්‍රාමීය ස්වභාවයෙන් යුක්තය. අයිස්ලන්ත වැසියන් තුළ සොබාදහමට සහ තිරසාර ජීවනයට ඇත්තේ මහඟු ගෞරවයකි. සොබා දහම සමග ඔවුන්ගේ ඇති සබැඳියාව නිසාම ඔවුන්ට ස්වාභාවික පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හිමි ව තිබේ. භූතාප ශක්තිය (geothermal) සහ ජල විදුලිය (hydropower) විශේෂයෙන් සඳහන් කළ හැකිය. මේ නිසා අයිස්ලන්තය ලෝකයේ පවතින තිරසාර මෙන්ම පරිසර හිතකාමී රටක් බවට ද පත්ව තිබේ.

අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

අයිස්ලන්තයට එයටම අනන්‍ය වූ දේශපාලන ගමන් මගක් තිබේ. කලක් ඩෙන්මාර්ක් රාජධානියේ කොටසක්ව පැවති එරට 1944 දී පූර්ණ නිදහස ලබා ගනිමින් සෛවරී ජනරජයක් බවට පත් විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල රටේ නායකයා ජනපතිවරයා වන අතර විධායක බලතලවලින් බහුතරයක් හිමිව ඇත්තේ අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවටය. ඔවුන් සාමකාමී රාජ්‍යතාන්ත්‍රිකත්ව ස්ථාවරත්වයක් දරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නේටෝ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් සාමාජිකත්වය ද ලබා ගෙන තිබේ. අයිස්ලන්තය සාමකාමී රටක් ලෙස ගෞරවයට පාත්‍රවීමට එක් ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ එහි ස්ථාවර හමුදාවන් නොමැති වීමය. ඔවුන් සිය රටේ ආරක්ෂාව ගිවිසුමක් මගින් නේටෝ සංවිධානයට පවරා තිබේ. ‘ගෝලීය සාමකාමී දර්ශකය’ (Global Peace Index – GPI) තුළ අයිස්ලන්තය ඇත්තේ පළමු ස්ථානයේය. ශ්‍රී ලංකාව පවතින්නේ 95 වැනි ස්ථානයේය. මෙම දර්ශකය සඳහා අපරාධ අනුපාතය, දේශපාලන ස්ථාවරත්වය, දේශීය සහ ජාත්‍යන්තර අර්බුද මට්ටම් සහ තදාසන්න රටවල් සමග ඇති සබඳතා වැනි නිර්ණායක කිහිපයක් සැලකිල්ලට ගනු ලබයි. අයිස්ලන්තය මේ සෑම නිර්ණායකයකින්ම ඉදිරියෙන් සිටියි.

අයිස්ලන්තයේ රූපගත කළ ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතා මාළාවේ එක ජවනිකාවක්

අයිස්ලන්ත සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිය ද ලෝකයේ සෙසු බොහෝ රටවල් සමග ශ්‍රී ලංකාවට ඇති ඓතිහාසික සබැඳියාවක් අයිස්ලන්තය සමග නැත. භූගෝලීය වශයෙන් ද රටවල් දෙක ඇත්තේ අන්ත දෙකක ය. එසේ වුවද මේ දෙරටටම පොදු වූ සාධක තිබේ. ශ්‍රී ලංකාවත් අයිස්ලන්තයත් සොබා දහමට ගරු කරන රටවල් වේ. අනෙක ලිඛිත මෙන්ම වාචික වශයෙන් පවත්වාගෙන පැමිණි සංස්කෘතියක්, කතන්දර කීමේ කලාවක් සහ කල්පිත සාහිත්‍යයක් රටවල් දෙකටම පොදුය.

අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

අයිස්ලන්ත සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිය ද ලෝකයේ සෙසු බොහෝ රටවල් සමග ශ්‍රී ලංකාවට ඇති ඓතිහාසික සබැඳියාවක් අයිස්ලන්තය සමග නැත. භූගෝලීය වශයෙන් ද රටවල් දෙක ඇත්තේ අන්ත දෙකක ය. එසේ වුවද මේ දෙරටටම පොදු වූ සාධක තිබේ. ශ්‍රී ලංකාවත් අයිස්ලන්තයත් සොබා දහමට ගරු කරන රටවල් වේ. අනෙක ලිඛිත මෙන්ම වාචික වශයෙන් පවත්වාගෙන පැමිණි සංස්කෘතියක්, කතන්දර කීමේ කලාවක් සහ කල්පිත සාහිත්‍යයක් රටවල් දෙකටම පොදුය. සංස්කෘතිකමය වශයෙන් පොදු ස්ථානයකට පැමිණීමට මේ රටවල් දෙකටම මේ ගති ලක්ෂණ ඉවහල් වේ. අයිස්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ සේ සංචාරක සබැඳියාව නොබිඳී පවත්වාගෙන යන්නට මේ පොදු සාධකය ප්‍රවර්ධනය කළ හැකිය. එය සංචාරක ක්ෂේත්‍රයේ බලධාරීන්ට පැවරෙන වගකීමකි. අනෙක සාමය අගය කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන රටකින් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙනවා යන්නෙන් අපට ලැබෙන පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් තිබේ යැයි ඔවුන් තුළ පවතින විශ්වාසයය. ශ්‍රී ලංකාව මේ දර්ශකයේ 95 වැනි ස්ථානයේ පසුවීම ඔවුන්ට ගැටලුවක් වී නැත. අප අයිස්ලන්ත සංචාරකයන්ගේ ආගමනයත් සමග ලොව පුරා පතුරුවා හැරිය යුතු පණිවිඩය වන්නේ එයයි. එනම් ලොව ඕනෑම රටක සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවය. එය අප රටේ සංචාරක ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කදිම ආයෝජනයක් වනු නිසැකය.

අයිස්ලන්තයේ සිට නැරඹිය හැකි අවුරෝරා නම් අපූර්ව ස්වාභාවික සංසිද්ධිය
අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය
අයිස්ලන්තයේ සොබා සෞන්දර්යය

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර