ඔයාලා ආයෝජන අරන් අපේ රටට එන්න අපිට ඇල් වතුර වීදුරුවක් වත් එපා – අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නායක

vinivida

මේ රට හදන්න නම් අපේ ආර්ථිකය අලුත් වෙනසකට පරිවර්තනය කරන්න ඕන. මේ ආර්ථික ගමන වැරදියි. මේ ආර්ථික ගමන හරි නම් දැන් අපිට හරි ගිහිල්ලා තියෙන්න ඕන.
තව මොනවද රනිල් වික්‍රමසිංහල කියන්නෙ. තව මොනවද මහින්ද රාජපක්ෂල කියන්නේ.ඒ ගොල්ල ඇවිල්ලා කියනවා ඒ ගොල්ල ආර්ථිකය හදනවලු. කවදද කවද ඉදන් ද ඕගොල්ල හදන්නෙ. ඒ ගොල්ල තමයි මේ ව්‍යසනයට අපේ රට පත් කළේ. ඇත්තටම වෙලාවකට කල්පනා කරන කොට හිතෙනවා ඒකට ආණ්ඩුවක් නැතිව තිබුණනම් මීට වඩා හොඳයි රට. මේ ගොල්ල කළේ හදපු එක නෙවේ . නැති කරපු එක. මේ ගොල්ල නැත්නම් රට මීට වඩා හොඳයි. ඒ නිසා මොකක්ද? ඕනකම තියෙන්නෙ. අපිට නව ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය කරන්න. ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකක්ද වෙන්නෙ. ලෝකයේ ඇතිවන මහා තාක්ෂණය මත අපි ඒ තාක්ෂණයේ පාරිභෝගිකයෝ. පරිභෝජනය කරන අය. ලෝකයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් වෙනවා. අපි මොකද කරන්නේ පරිවර්තනය ඇති කරලා කරන නිෂ්පාදන උපකරණය ලංකාවට ගේනවා. පරිභෝජනය කරනවා. ලෝකයේ ඖෂධ වල විශාල පරිවර්තනයක් ඇති වෙනවා. අපි මොකද කරන්නේ ඒ බෙහෙත් ටික ගෙනත් බොනවා. ලෝකයේ බීජ වෙළෙඳ පොළේ පර්යේෂණ හරහා විශාල ලෙස බීජ නිෂ්පාදනය වෙනවා. අපි මොකද කරන්නේ ඒ බීජ ගෙනල්ලා වගා කරනවා .ලෝකයේ තාක්ෂණය හරහා විවිධ තාක්ෂණ මෙවලම් නිෂ්පාදනය වෙනවා. අපි මොකද?කරන්නේ ඒ මෙවලම් ගෙනල්ලා පරිභෝජනය කරනවා. අපි ඒ තාක්ෂණයෙ ඇති වෙනස්කම් මත නිෂ්පාදනය කරපු ජාතියක් නෙවේ. දැන් කොරියාව ගැන කතාකරනවානේ. දැන් කොරියාව කළේ ඕක. තාක්ෂණයේ වෙනස් කම් මත නිෂ්පාදනය ඇති කරන්න පටන් ගත්තා. ඒ තාක්ෂණය මත පරිවර්තනය වුණා. ඒක මත පදනම් වුණ නිෂ්පාදනයන්ට අවතීර්ණ වුණා. හැබැයි අපි ඒවා අවතීර්ණය කරන්න අසමත් වුණා. අසමත් වෙලා මොකක්ද කළේ. අපි පරිභෝජනය කරන ජාතියක් ඒ රටවල් නිෂ්පාදනය කරන ජාතියක්. අද අපේ රෝහල් වලට ගියොත් අපේ රෝහල් වල තියෙන්නේ විශාල සෞඛ්‍ය පර්යේෂණ උපකරණ. නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලය. ඊශ්‍රායලය ඒව නිෂ්පාදනය කරනවා. අපි ගෙනල්ලා රෝහලේ හයිකරනවා. ඔන්න අපිට වෙච්චි දේ.

තාක්ෂණය තියෙන විද්‍යාඥයන් ලංකාවේ ඉන්නවා. අපි ඒ ගොල්ලන් එකතු කළා අපි කොහොමද මීට වඩා වටිනා කම් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මිනිරන් වලින්. කොහොමද පුල්මුඩේ ඛනිජ වලින් කොහොමද පොස්පේට් නිධියෙන් කොහොමද සිලිකන් නිධිය අපි මීට වඩා කර්මාන්ත බවට පත් කරන්නේ. ඒ සඳහා දැනුම තියෙන විද්‍යාඥයින්ගෙන් අපි කරන්නේ සමහර ආයෝජකයන් එක්ක කතා කරලා ආයෝජකයන් එක්ක ලංකාවේ දේශීය නිෂ්පාදකයන් එක්ක කතා කළා ඒ ගොල්ල සූදානම් ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලා ලංකාවේ පටන් ගන්න ලෑස්තියි. ඒ ගොල්ල විතරක් නෙවේ අපිත් ලෑස්තියි.

ඉතින් පරිභෝජනය කරන ජාතිය කොහොමද දියුණු වෙන්නෙ. දියුණු වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපි මොකද කරන්න ඕන නව ආර්ථික පරිවර්තනයක් ඕන. ජාතික ජන බලවේගය ලෑස්ති මේ තාක්ෂණයේ දියුණුව හරහා ලෝකයේ ඇති වී තිබෙන නව නිෂ්පාදන පරිභෝජනය කරන ජාතියක සිට නිෂ්පාදනය කරන ජාතියක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම තමයි ලංකාවේ ආර්ථික උපාය මාර්ගය. අපිට වැදගත් ඉතාමත් අධික කාබන් ප්‍රතිශතයක් තිබෙන, වැදගත් මිනිරන් සම්පතක් තියෙනවා. අපි මොකද කරන්නේ දසක ගණනාවක් තිස්සේ මිනිරන් කුට්ටි පිටින් පටවනවා. එතෙන්ට කර්මාන්ත ශාලාවක් ඕන. අපි ලෝකයේ වැදගත්ම මූල ද්‍රව්‍ය තියෙන වැදගත්ම ඛනිජ සම්පතක් තියෙනවා පුල්මුඩේ. අපි මොකද?කරන්නේ දසක ගණනාවක් තිස්සේ අමු වැලි පටවනවා කුඩා ප්‍රමාණයක් නිස්සාරනය කරනවා. අපිට එප්පාවල පොස්පේට් නිධියක් තියෙනවා. අපි දසක ගණනාවක් තිස්සේ මොකද කරන්නේ අමු පස් පටවනවා. විශාල සිලිකන් නිධියක් තියෙනවා. පුල්මුඩේට වඩා ඊටත් වඩා අධික ද්‍රව්‍ය තිබෙන සම්පතක් තියෙනවා පුත්තලමේ අපි ඒවා අමු වැලි වගේ පටවනවා. අපි නිෂ්පාදනය කළේ නෑ. අපි ඒ පිළිබඳව තාක්ෂණය තියෙන විද්‍යාඥයන් ලංකාවේ ඉන්නවා. අපි ඒ ගොල්ලන් එකතු කළා අපි කොහොමද මීට වඩා වටිනා කම් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මිනිරන් වලින්. කොහොමද පුල්මුඩේ ඛනිජ වලින් කොහොමද පොස්පේට් නිධියෙන් කොහොමද සිලිකන් නිධිය අපි මීට වඩා කර්මාන්ත බවට පත් කරන්නේ. ඒ සඳහා දැනුම තියෙන විද්‍යාඥයින්ගෙන් අපි කරන්නේ සමහර ආයෝජකයන් එක්ක කතා කරලා ආයෝජකයන් එක්ක ලංකාවේ දේශීය නිෂ්පාදකයන් එක්ක කතා කළා ඒ ගොල්ල සූදානම් ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලා ලංකාවේ පටන් ගන්න ලෑස්තියි. ඒ ගොල්ල විතරක් නෙවේ අපිත් ලෑස්තියි.අද මේ රටට ආයෝජකයයො නො එන්නේ මොකද?ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ලට පවා පගාව දෙන්න වෙන හින්දා.කුණු ඇමතියන්ට පගා දෙන්න?අපි ආයෝජකයන්ට කියනවා.ඔයාලා ආයෝජන අරන් අපේ රටට එන්න අපිට ඇල් වතුර වීදුරුවක් වත් එපා.

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නායක

එතෙර - මෙතෙර