ඔරුවෙන් ගොස් ගෙයම් කපති

මේ දිනවල ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ගිං ගඟ පහළ නිම්නයට අයත් ඕපාත ප්‍රදේශයේ අස්වැන්න නෙළීමට ආසන්නව පැවති වී වගාබිම් අක්කර 50කට අධික ප්‍රමාණයක් දැනට මාසයක පමණ කාලයක සිට ජලයෙන් යට වී අස්වැන්න නෙළීමට නොහැකි වීම මත ඇතැම් වී වගාබිම් විනාශ වී ඇති අතර ප්‍රදේශයේ ඇතැම් ගොවීන් ජලයේ කරවටක් බැස ඔරුවලින් ගොස් වී අස්වැන්න නෙලා ගන්නා බව ද වාර්තා වෙයි. ජලය බැසයාම සඳහා ක්‍රමවත් වාරිමාර්ග පද්ධතියක් නොමැතිවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව ද ගොවිහු පවසති. ගිං ගග පහළ නිම්නයේ කෘෂි අස්වැන්න ගං වතුරින් රැක ගත හැකි ක්‍රමයක් සකසන ලෙස ගොවීන් වසර ගණනාවක සිට වාරිමාර්ග බලධාරින්ගෙන් ඉල්ලිම් කළ ද එය බිරී අලින්ට විනා වැයීමක් බඳු කටයුත්තක් බවට පත්ව ඇති බවද ගොවීහූ පවසති.

කාලීන පුවත්