ඖෂධ වෙළඳුන් ඖෂධ සඟවා තබා ඇතැයි චන්න ඇමති කියන කතා බොරු

වෙළඳ පලේ ඖෂධ හිඟයට හේතුව වෙළඳුන් විසින් ඖෂධ තොග සඟවා තබා ගෙන ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්ටුවේ දී කළ ප‍්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත එකක් බව ශ‍්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසයි.නිශ්පාදකයා හෝ බෙදාහරින්නා විසින් වෙළඳ පොළට නිකුත් කරන සෑම ඖෂධයක්ම සිල්ලර මිල ගණන් දින වකවානු ඇතුළු විස්තර ඖෂධයේ සටහන් කළ යුතු බවට පනවා ඇති නීතිය රාජ්‍ය අමාත්‍යවරයාට අමතකව ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය කියයි.

කාලීන පුවත්