ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කච්චතිවු දූපත පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්රස් පක්ෂයට චෝදනා කොට ඇති අතර එම දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් තමාට දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ. කච්චතිවු දූපත සාම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් විසින් අතීතයේ සිට භාවිත කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.කෙසේ වෙතත් දේශපාලන අරමුණු පදනම් කරගනිමින් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එම දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය පිළිගත් බව නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබේ.ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත..මෙවැනි සිදුවීම් හරහා ඉන්දීය භූමිය කැබලි කිරීමට කොංග්රස් පක්ෂය කටයුතු කොට ඇති බව නරේන්ද්‍ර මෝදි පවසා ඇත.