කතරගම දෙවියන් ගේ නමින් මහරගමට ලැබුණු සිව් මහල් වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ;ලබන දරුවන් දෙදෙනකු විසින් විවෘත කරන ලදී.ගත වූ කාලය තුළ කතරගම දේවාලයට බැතිමතුන් ලබා දුන් මහා ධනස්කන්ධයක් එහි කපුවන් විසින් අයථා ලෙස අත් පත් කර ගැනීම වැලකීමෙන් පසු දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලයට එක් වූ මුදල් වලින් මෙම සද් කාර්යය අරඹා තිබිණ.මෙම විවෘත කිරීමේ අවස්ථාවට අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වූහ.

කාලීන පුවත්