ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150ක් වැයකොට මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ (21) උදෑසන 10.00 රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන අතර වාස්තු විද්‍යා සැළසුම්කරණය PARA Chartered Architects ආයතනය විසින් නොමිලයේ සිදුකරයි.දේවාලයේ අරමුදලට බැතිමතුන් විසින් ලබාදෙන මුදලින් මෙම ඉඳිකිරීම් මාස 08 කාලයකින් නිමකිරීමට සැලසුම්කර ඇත.දේවාලය සඳහා ලැබෙන අතිවිශාල ධනස්කන්ධයක් සහ වටිනා බඩු බාහිරාදිය එහි සේවය කරන කපුවන් විසින් පැහැර ගන්නා බවත් එය නතර කළ හොත් එම මුදල් වලින් රටට සමාජයට විශාල මෙහෙවරක් කළ හැකි බවත් බස්නායක නිලමේ වරයා මීට පෙර පවසා තිබිණ.