“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් ගණ දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් නෑකම මාරු කරලා

“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් එහි අධ්‍යක්ෂ මහාචාර්යය සුනිල් ආරියරත්න මහතා විසින් කතරගම දෙවියන් අයියා හැටියටත්, ගණ දෙවියන් මල්ලී වශයෙන් මාරු කර ආගමික අපහාසයක් කර ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට පැමිණිලි කොට තිබේ. ඒ අනුව එම චිත්‍රපටය හින්දු ආගමට පටහැනි බවත්, හින්දු ආගමට අනුව කතරගම දෙවියන් වන්නේ මල්ලී බවත්, ගණ දෙවියන් අයියා බවත් පසුගිය සදුදා නව වසරේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය සදුදා පැවැති අවස්ථාවේදී ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.එහි දී ජනාධිපතිවරයා ඒ පිළිබඳව සංස්කෘතික ඇමැතිවරයා සොයා බැලිය යුතු බව ද පෙන්වා දී ඇති බවද වාර්තා වේ.

කාලීන පුවත්