කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පවුල් පරම්පරා දෙකක් අතර ගැටුමකින් එක් පාර්ශවයක කපු රාල කෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
මෙම මාසයේ තේවාව භාර කපුරාල කෙනකු තමන්ට පහර දුන් බව පවසමින් එක් පාර්ශවයක කපුරාල කෙනකු කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.ඉකුත් 30 වන දා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කතරගම පොලිසිය මගින් එම පැමිණිල්ලට අදාල කපුරාල ඉකුත් 01 වන දා පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර ඇත.

පූජා වට්ටිය එක්ක දෙන මුදල් නෝට්ටුව රන් භාණ්ඩය දේවාලයට ලැබෙන්නෙ නෑ.කපු මහත්තුරු ඒ සේරම ගෙවල් වලට ගෙනියනවා පෙරහර කාලේ එහෙම ලැබෙන කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ ගහ මරා ගැනීම් සිද්ධ වෙන්නෙ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද? නැත්නම් දේවාලයට දෙන ආධාර නියමිත පරිපාලන යාන්ත්‍රණය ඔස්සේ බස්නායක නිලමේ කාර්යාලයට ලබා දෙනවාද කියන එක” කපු පවුල් හා පරම්පරා දෙකක් අතරේ දිනෙන් දින උග්‍රවන මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහැර කාලය තුළ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාව ද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මෙම කාලයට පූජා වට්ටි සමඟ රුපියල් කෝටි කෝටි හය හතක මුදල් සහ රන් ආභරණ පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින අතර පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතු වන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම උග්‍රවන බවත් කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේ වරයා පවසා තිබේ.
චිරාගත සම්ප්‍රදාය සහ පවත්නා නීතිය අනුව කතරගම මහා දේවාලයේ යතුර එහි ප්‍රධාන පරිපාලන නිලය දරන බස්නායක නිලමේ භාරයේ තිබිය යුතු බවත් දේවාලයේ කපු රාලලාට අදාල සාධාරණ ලෙස නියමිත මාස ගණනට අදාල පරිදි රාජකාරි බෙදා දීම බස්නායක නිලමේ වරයාගේ රාජකාරීමය වගකීම බවත් පැවසූ බස්නායක නිලමේ වරයා මාධ්‍යයට මෙසේ ද පවසා තිබේ. “මට කලින් පත් වෙලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු බලහත්කාරයෙන් දේවාලයේ යතුරු උදුරා ගත්තා. එහෙම කරලා මැර බලය යොදලා පහර දීමක් කරලා තුමාව නිලමේ කමින් එලෙව්වා. මගේ කාලයේත් ඒ වගේ යතුරු පැහැර ගත්තා. නමුත් මම ගැටුමකට ගියේ නෑ; උසාවි ගියා. දැන් නඩුව විභාග වෙනවා.ඒ අතරේ ඒ අය බලහත්කාරයෙන් රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් සාපරාධී ක්‍රියා ඇතිවෙනවා.පූජා වට්ටිය එක්ක දෙන මුදල් නෝට්ටුව රන් භාණ්ඩය දේවාලයට ලැබෙන්නෙ නෑ.කපු මහත්තුරු ඒ සේරම ගෙවල් වලට ගෙනියනවා පෙරහර කාලේ එහෙම ලැබෙන කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ ගහ මරා ගැනීම් සිද්ධ වෙන්නෙ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද? නැත්නම් දේවාලයට දෙන ආධාර නියමිත පරිපාලන යාන්ත්‍රණය ඔස්සේ බස්නායක නිලමේ කාර්යාලයට ලබා දෙනවාද කියන එක” කපු පවුල් හා පරම්පරා දෙකක් අතරේ දිනෙන් දින උග්‍රවන මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහැර කාලය තුළ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාව ද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

පවුම් තිස් අටකින් යුතු රන් තැටිය

ජන මාධ්‍ය මගින් අසන්නට ලැබුණු ඉහත සඳහන් ප්‍රවෘත්ති හුදෙක් ඒකීය සිදුවීමක් මත පදනම් වූවක් බව පෙනෙන්නට තිබේ. සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ඨි කෝණයනට අනුව සම්බන්ධයෙන් එහි යම් සත්‍යතාවක් පැවැතිය ද සමාජ, මානව විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් එහි බොහෝ දෙනකුට නොපෙනෙන ගැඹුරක් ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.ඒ නිසා ඒ සම්බන්ධයෙන් යම් විමසුමක් කළ යුතු ය.
“සල්ලි දෙවියන් ගේ මල්ලි” යන්න පසුගිය සියවස් දෙක තුනක සමාජමය කරලියට ආ පිරුළකි. එය එවක පොදු සමාජ සම්මතයක් බවට පත් වූයේ එහි පවත්නා සමකාලීන සමාජ යථාර්ථය පදනම් කර ගනිමිනි. එම පිරුළට අනුව දෙවියන් යනු ආධ්‍යාත්මයේ හා සම්මත සදාචාරයේ සංකේතයයි. ඒ අනුව මිල මුදල යනු එවක සමාජයේ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක හර පද්ධතිය තරම් බලවත් නොවූවද ඒ හා සබැඳි ද්වීතික ශක්තියක් බව එම පිරුළෙන් පැහැදිලි වේ. නමුත් මීට දශක හතරකට පෙර අප රට තුළ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය මත පදනම් වූ පරිභෝජනවාදය මත එම තත්කාලීන සමාජ යථාර්ථය මුලුමනින් උඩු යටිකුරු වූ බවක් පෙනෙයි. ඒ අනුව අද වන විට එම පිරුළ “සල්ලි දෙවියන්ගේ අයියා” ලෙස අරුත් ගැන්වීමේ ද ලොකු දොසක් ඇතැයි අපට නොසිතේ.

මීට දශක කිහිපයක් දක්වා අප ජන සමාජයේ දේව විශ්වාස හා සබැඳි භය, පක්ෂපාතීත්වය නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ එපරිද්දෙන්ම පවතී ද යන්න සියුම් ලෙස විමසුමට ලක් කළ යුතු ය. එහිදී අප හට ඉතා පැහැදිලිවම නිරීක්ෂණය වන එක් කරුණක් තිබේ. එනම් වත්මන් සමාජය තුළ අගතිගාමී ලෙසින් කුළු ගැන්වෙන අධික තෘෂ්ණාභරිත
බව මුල් කොට ශ්‍රද්ධාව, භක්තිය වැඩි ජන හදවත් වල පවතින ආධ්‍යාත්මික හරයන් පවා යටපත්ව ඒවා ද වාණිජකරණයට ලක්ව ඇති බැවිනි. ඒ අනුව නූතන සමාජයේ සැළකිය යුතු පිරිසක් ආගමික ඇදහීම් මත පවත්නා පුද පූජා ආදිය මඟින් ද හුදෙක් පරිභෝජනවාදී අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමට වෙර දරන බවක් පෙනේ.
ඒ අනුව විවිධ ලෞකික අපේක්‍ෂා අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගනු පිණිස බැතිමතුන් විසින් දෙවියන් උදෙසා පුදනු ලබන දේවල අගය, වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමත් ඒවා කෙරෙහි ලොබ බැඳ ගන්නා ඒ දේවාලවල කපු ප්‍රජාව එකි’නෙකා කුලල් කා ගැනීමත් වර්තමානයේ සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

සමාජය පුරා පැන නැඟී ඇති මෙම අගතිගාමී තත්ත්වයන් පිටුදැකීම පිණිස එම සිද්ධස්ථාන ආශ්‍රිත පරිපාලන ව්‍යුහයන් විධිමත් කොට බැතිමතුන් වෙතින් ඒවා වෙත යොමු කෙරෙන මිල මුදල් ඇතුළු ආර්ථික අගයන් ගෙන් යුතු දේ නිවැරදි තක්සේරුවකට ලක් කොට එම ධන සම්භාරය සංවිධිත මංපෙත් ඔස්සේ හැසිරවීම ඒ සඳහා වන හොඳම හා නිවැරදිම ක්‍රමෝපායයි. කතරගම රුහුණු මහා දේවාලයට බැතිමතුන් ගෙන් ලැබෙන ආධාර මුල් කොට මහරගම අපේක්‍ෂා රෝහල සම්බන්ධයෙන් සිදුකෙරෙන ළමා රෝගී සත්කාර ක්‍රියදාමය ඒ සඳහා වන කදිම නිදසුනකි. එහෙත්, එවැනි පසුබිමක් යටතේ වුව අසීමාන්තික ධන තෘෂ්ණාව මත දේව කාරිය සම්බන්ධයෙන් කපුරාළලා ගහ මරා ගැනීමට තැත් කිරීම මගින් පෙනී යනුයේ ඉහත සඳහන් සමාජ සුබසාධන යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවකි.ඒ අනුව ඒ අනුව “මේ අයට ගහ මරාගන්න මුදල් දෙනවද නැත්නම් දේවාලයට දෙන ආධාර නියමිත පරිපාලන යාන්ත්‍රණය ඔස්සේ ලබා දෙනවාද යන්න බැතිමතුන් තීරණය කළ යුතු” බවට බස්නායක නිලමේවරයා කරන ප්‍රකාශය අතිශය සාධනීය බව අප ගේ ද වැටහීම ය.

කතරගම ඇතුළු දේවාල ආදිය මුල් කොට සිදු කෙරෙන කපුරාළලාගේ මෙබඳු අවිචාරවත් ක්‍රියා මුල් කොට සමාජයේ පවත්නා කතරගම දේව විශ්වාසය මිලිණ වනු ඇතැයි යන්න ද ඇතැමුන් තුළ පවත්නා විශ්වාසයකි.”කපුවන් ගේ හොර මැර කම් හින්දා දෙවියන්ටත් යන එන මං නැති වෙනවා” යනුවෙන් පසුගිය කාලයේ සමාජ ජාලා ඔස්සේ නැඟුණු ජන මතය ඒ සම්බන්ධ කදිම සාක්ෂියකි.එය පසුගිය කාලයේ කතරගම දේවාලයට ලැබුණු පවුම් තිස් අටකින් යුතු රන් තැටියක් එහි ප්‍රධාන කපුරාළ විසින්ම අස්ථානගත කිරීම මුල් කොට සමාජය පුරා පැතිර ගිය උපහාස භාෂණයකි.

පවුම් තිස් අටකින් යුතු රන් තැටිය

කතරගම ඇතුළු දේවාල ආදිය මුල් කොට සිදු කෙරෙන කපුරාළලාගේ මෙබඳු අවිචාරවත් ක්‍රියා මුල් කොට සමාජයේ පවත්නා කතරගම දේව විශ්වාසය මිලිණ වනු ඇතැයි යන්න ද ඇතැමුන් තුළ පවත්නා විශ්වාසයකි.”කපුවන් ගේ හොර මැර කම් හින්දා දෙවියන්ටත් යන එන මං නැති වෙනවා” යනුවෙන් පසුගිය කාලයේ සමාජ ජාලා ඔස්සේ නැඟුණු ජන මතය ඒ සම්බන්ධ කදිම සාක්ෂියකි.එය පසුගිය කාලයේ කතරගම දේවාලයට ලැබුණු පවුම් තිස් අටකින් යුතු රන් තැටියක් එහි ප්‍රධාන කපුරාළ විසින්ම අස්ථානගත කිරීම මුල් කොට සමාජය පුරා පැතිර ගිය උපහාස භාෂණයකි. එහෙත්,අනේක විධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව තුළ පවත්නා දේව විශ්වාස සිදී බිඳී යන බවක් සමාජ හා මානව විද්‍යාත්මකව සනාථ කළ නොහැක. දේව විශ්වාස යනු ප්‍රාථමික සමාජයන් හි සිට තත්කාලීන සමාජමය අවශ්‍යතා මත පදනම් ව සංවර්ධනය වන්නකි. ඒ සඳහා වන කදිම නිදසුනක් ද මෙහි දී අපගේ මතකයට නැංවේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට මායිම් වන කැලණි ගං දෑලේ ජනතාව විසින් අදහනු ලබන රන්වල දෙවියන් අතීතයේ කැලණි නදියේ ඔරු පාරු පදින්නවුන් හට ආරක්ෂාව සළසන බවට අතීතයේ ප්‍රබල ජන විශ්වාසයක් පැතිරුණි. නමුදු අද වන විට ඔරු පාරු භාවිතයක් නොමැති බැවින් රන්වල දෙවියන් කැලණි නදිය අසබඩ මාර්ග වල දිවෙන වාහන ආරක්ෂාව සළසන බවට එම ප්‍රදේශ වල ජනතාව තුළ විශ්වාසයක් පවතී. එනිසාම එම ප්‍රදේශබද ජනතාව බස් රථ ඇතුළු වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා රන්වල දෙවියන් ගේ පිහිටාරක්ෂාව විශේෂයෙන් අපේක්‍ෂා කරනු දක්නට පුළුවන.

කිසියම් ප්‍රදේශයක ජනතාවට අත් මිඳීමට සිදුවන කිනම් හෝ විපත්තිකර තත්ත්වයන් හමුවේ එම ප්‍රදේශවලට අධිගෘහිත දෙවි වරුන් වෙත වගකීම් පැවරීමේ සිදුවීම භාරතීය හින්දු සමාජයේ ඇතැම් ප්‍රජාවන් තුළ දක්නට තිබේ. එහෙත්, ශ්‍රී ලාංකේය ජන සමාජය එවන් අවස්ථාවන් හිදී එම ප්‍රදේශවලට අධිගෘහිත දෙවිවරු නිදොස් කොට නිදහස් කරනු දක්නට පුළුවන.
නිදසුනක් ලෙස 2004 වසරේ හටගත් සුනාමි ව්‍යසනයට පමණක් දෙවැනි වූ 2003 මැයි මාසයේ සබරගමුවට බලපෑ අති බිහිසුණු ස්වභාවික ව්‍යසනය සම්බන්ධයෙන් එහි ජනතාව අතර පැතිර ගිය ප්‍රධාන විශ්වාසයක් විය.එනම් ශ්‍රීපාද වන්දනා සමය නිමාවේ ශ්‍රී පාදස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව ආපසු වැඩම කිරීමේදී ඇති වූ කිනම් හෝ වරදක් අඩුපාඩුවක් මත සමන් සුරිඳුන් ගේ දේව මණ්ඩලයේ හිඳින සෙසු දෙවිවරුන්ගේ දේව මණ්ඩලයේ හිඳින අවශේෂ දෙවිවරුන්ගේ කෝපාවිෂ්ඨ වීම මත එම ව්‍යසනය සිදුවූ බවකි. නමුදු කරුණාවට අධිපති වශයෙන් ජන සම්මත සමන් දෙවියන් ඒ ස්වභාවික විපත් ඇති කරවීමේ වගකීමෙන් නිදහස් කිරීමට තරම් සබරගමු ජනතාව කාරුණික වූහ. එම අපූරු තත්කාලීන ජන විශ්වාසය සම්බන්ධ පුවත අප හට දැන ගැනීමට ලැබුණේ සබරගමු ජන සංස්කෘතිය සම්බන්ධ අගනා තොරතුරු රැසක් සමාජය හමුවේ අනාවරණය කළ ප්‍රවීණ මාධ්‍යවේදි ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් ගේ ගවේෂණාත්මක වාර්තාවකිනි.

විද්වේෂණ කර්මය යනු එකි‘නෙකා භේද කරවීමෙන් ඔවුන් සියලු දෙනා පරිහානියට විනාශයට පත් කිරීමට දෙවිවරුන්ට ඇති හැකියාව ය. මෙම අෂ්ඨ කර්මයට අයත් නිෂේධනීය ශක්තීන් විෂ්ණු, සමන්, නාථ, පත්තිනි ආදී ශාන්තිවාදී ගුණ සහිත දෙවිවරුන් ප්‍රයෝජනයට නොගන්නා බව පැවසෙයි. එහෙත්, හොඳින් හෝ නරකින් ප්‍රශ්න ගැටළු විසඳීමට සමත් කතරගම දෙවියන් තමනට අරුචි ක්‍රියාකාරකම් වල යෙදෙන්නවුන් විද්වේෂණ කර්මය මගින් වනසා දමන බවට ජන විශ්වාසයක් තිබේ.

අප ජන සංස්කෘතියෙහි එන ගුප්ත ශාසත්‍ර සම්බන්ධ අෂ්ඨ කර්මය නම් වන ගුප්ත බල පරාක්‍රමය දෙවිවරුන් තුළ නිරායාසයෙන්ම පිහිටන බව පැවසෙයි. ඒ අතරට අයත් විද්වේෂණ කර්මය යනු එකි‘නෙකා භේද කරවීමෙන් ඔවුන් සියලු දෙනා පරිහානියට විනාශයට පත් කිරීමට දෙවිවරුන්ට ඇති හැකියාව ය. මෙම අෂ්ඨ කර්මයට අයත් නිෂේධනීය ශක්තීන් විෂ්ණු, සමන්, නාථ, පත්තිනි ආදී ශාන්තිවාදී ගුණ සහිත දෙවිවරුන් ප්‍රයෝජනයට නොගන්නා බව පැවසෙයි. එහෙත්, හොඳින් හෝ නරකින් ප්‍රශ්න ගැටළු විසඳීමට සමත් කතරගම දෙවියන් තමනට අරුචි ක්‍රියාකාරකම් වල යෙදෙන්නවුන් විද්වේෂණ කර්මය මගින් වනසා දමන බවට ජන විශ්වාසයක් තිබේ. කතරගම දෙවියන් සම්බන්ධ මෙම සුවිශේෂතාව අතිශයින් කාලානුරූපී වීම මත එතුමන් ගේ ජනප්‍රියත්වය දාහත් වන සිය වසේ පමණ සිට ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහාචාර්ය ගණනාථ අබේසේකර සූරීන් Social change and the deities:The rice of Kataragama cult in modern Sri lanka (1982) නම් සිය අනගි කෘතිය මගින් කරනු ලබන විග්‍රහය තත්ත්වය හා කදිමට ගැලපෙනු ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවසන් වරට කිව යුත්තේ කතරගම දේවාල හෝ වෙනයම් සිද්ධස්ථාන මුල් කොට සිදුවන නොයෙකුත් අකටයුතු හා අක්‍රමිකතා හමුවේ ඒවාට අදාල පාර්ශවයන් ගේ විචල්‍ය වීමක් මිස කපුවන් ගේ හොර මැර කම් හින්දා දෙවියන්ටත් යන එන මං නැති වූමක් හෙවත් එම දේව විශ්වාසයන් හි පළුදු වීමක් හෝ බිඳ වැටීමක් සම්බන්ධයෙන් සමාජ මානව විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් පත් කිරීම අතිශය අසීරු අමාරු කරුණක් බව ය.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර