අභාවප්රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(03) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලා අවමංගල්යාගාරයේ තැන්පත් කර තිබේ.පසුගිය 1 වනදා උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්රාප්ත වූ අතර මිය යන විට ඔහු අසූ දෙහැවිරිදි වියේ පසු විය.