කල්‍යාණි රන් පිවිසුම විවෘත කිරීම අද

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම කල්‍යාණි රන් පිවිසුම ලෙසින් නම් කොට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අද (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකි`නෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2012 වසරේ මූලික සැලසුම් සකස් කර 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා නව කැළණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කරන ලදී.

කාලීන පුවත්