ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් දැමීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවත් තමන් එහි සහාපති පදවිය සඳහා පත් කළ අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය වුව ඔහුට පිරිනැමීමට සුදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.”සුදුස්සාට සුදු තැන දීලා තියෙනවා.සභාපතිකම අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකෙන් ප්රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්. මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා; මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති නොකර වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා.” යැයි ඩ්ජ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.