ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.යෝජනාව ඊයේ සවස සලකා බැලූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටීම විශේෂත්වයක් විය.යෝජනාව සළකා බැලූණු අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින් දිගින් දිගටම හඬ නැගුහ. මෙහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ යෝජනාව ඒකමතිකව සම්මතවූ බවයි.යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා දිගින් දිගටම ඝෝෂා කළහ.ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් ගෙදර යැවිය යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් පෙරේදා දිනයේ මහා ඛේදවාචයක් සිදුවූ බවකි.