ණය කාඩ්පතක් ලබාගැනීමේදී ද (Credit Card) බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අංකය අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත.
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගයකුම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගතයුතු බවට ඉකුත් 2023 වසරේ මැයි මාසයේ දී රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
එම ගැසට් නිවේදනයට අනුව 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 වසරේ ජනවාරි මස පළමුවැනිදායින් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස ටින් අංකය අනිවාර්යයෙන් ලබාගත යුතුයි.