වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනට සිදු කරන ඉන්ධන බෙදාහැරීමේ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය නොසතුට ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.මේ අතර මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන් අමාත්‍ය වරුන් කිහිප දෙනෙකුගේ විෂයයන් වෙනස් වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇති අතර විදුලි බල හා බලශක්ති, වරාය හා නාවික කටයුතු, පරිසර යන අමාත්‍යාංශ වෙනස් කොට ඒවා විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය ලබා දීමට එක්වන මන්ත්‍රීවරුන්ට හිමි වීමට ඉඩ ඇති බව ද එම පුවත් පත කියයි .මේ අතර ඉන්ධන මිලදී ගැනීම සහ බෙදා හැරීම පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත.