කොවිඩ් එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බැවින් කෘෂිකාර්මික කටයුතු වල දී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.සමහර වගාවන් සඳහා ගොවියන් මෙතෙක් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි මුත් සෑම දෙයකටම පෙර තමන් ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ද ජනාධිපති වරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කළේය..