කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී සිදුකෙරෙන බවයි.
කෙසේ වෙතත් ඊට අදාල නීති සංශෝධනය විය යුතු බව ද, ඔහු පැවසුවේ ය.
ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමුකර ඇතැයිද, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.