කාර්ය මණ්ඩල ප්‍රවාහන අපහසුතා නිසා දුම්රිය ධාවන වාර අවලංගු වීමේ අවදානමක්

දුම්රිය ධාවනයට ප්‍රමාණවත් ඩීසල් තොග පැවතියද පවත්නා ඉන්ධන හිඟය මුල් කොට දුම් රිය කාර්ය මණ්ඩල වලට සේවයට වාර්තා කිරීමට ඇති අපහසුතාව මත ඉදිරි දිනවල දුම්රිය වාර කිහිපයක් හෝ අවලංගු කිරීමට සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.විශේෂයෙන් දුම්රිය රියැදුරන්, රියදුරු සහායකයන්, නියාමක සහ උප නියාමක වරුන් නොමැති වුවහොත් අදාල දුම්රිය ධාවන වාරය අවසන් මොහොතේ වුව අවලංගු වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්