කාසල්රී මාවුසාකැලේ පිටාර මට්ටමේ

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 37 වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රී ජලාශය පිටාර මට්ටමට අගල් 06 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 03 දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියි.

ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

පවතින අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින අතර , පවතින වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටමට ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියි.

කාලීන පුවත්