දැනට පවතින කැබිනට් ඇමැති ධුර විස්සට අමතරව කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැතැයි රජයේ රජයට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් පවතින රාවයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය විවිධ පාර්ශ්ව විසින් ගෙන යන කටකතාවක් මිස අලුතින් කැබිනට් ඇමැති ධුර ලබාදීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. එසේම දැනට කැබිනට් ඇමැතිවරු දරන විෂය පථයන්වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත.