වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බවයි.
ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලවණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බව ඇය ප්‍රකාශ කළා ය.
පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාගෙන් ඉල්ලීමක් කර සිටි.