දැනට රුපියල් 380 කට අලෙවි කෙරෙන ග්රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 දක්වාත් රුපියල් 940 කට විකුණන ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1300 දක්වාත් මිල ඉහල නැංවූ බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය දන්වයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තමන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ද දැනුවත් කළ බවයි.නමුදු දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන කිරි පිටි සම්බන්ධයෙන් මෙම මිල ගණන් වැඩි වීම අදාල නොවන බව ද එම සංගමය දන්වා සිටියි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ කිරි පිටි සඳහා නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ඊයේ(07)ගෙන තිබූ කැබිනට් තීරණයත් සමඟිනි.